වාහන පරීක්ෂාවට ගිය පොලිස් නිලධාරියෙකු ලොරියට යටවී මරුට
හබරණ ත්රිකුණාමල ප්රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී තවත් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
එහිදී ටිපර් රථය පොලිස් නිලධාරියා ද සමග ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් තිබූ ලොරි රථයක හා කාර් රථයකද ගැටී ඇති අතර පොලිස් නිලධාරියා බරපතළ තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ.
අදාළ පොලිස් නිලධාරියා ප්රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (26) රාත්රියේ හබරණ පොලිස් වසමේ හබරණ ත්රිකුණාමලය මාර්ගයේ ගල්ඔය පොලිස් මාර්ග බාධකය අසලදී මෙම මාරක අනතුර සිදුවී තිබුණා.
එම ස්ථානයේදී පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ රාජකාරි කටයුතුවල යෙදී සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් තවත් පොලිස් නිලධාරියෙකු, කාර් රථයේ සිටි කාන්තාවක් සහ වයස මාස 04ක කුඩා දරුවෙකු, ලොරි රථයේ රියදුරු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 56ක් වූ භාතියගම, කන්තලේ ප්රදේශයේ පදිංචි හබරණ පොලිස් ස්ථානයට අනුයුක්ත ගල්ඔය පොලිස් මුරපොළෙහි රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙක්.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.