වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට
එප්පාවල කටියාව යාය 10 ප්රදේශයේදී අද(12) එල්ලවූ වන අලි ප්රහාරකින් 84 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කටියාව, යාය 10, ප්රියංකරගම ප්රදේශයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කරුණාවතී නමැති 84 හැවිරිදි මවකි.
නිරන්තරයෙන් ගම්වදින වන අලින් හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම්එල්ල වී ඇති බව ප්රදේශවාසීන් පවසයි .
අද(12) අලුයම් කාලයේදී එම කාන්තාව මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව සිය නිවසින් එළීයට බැස ගෙමිදුලට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ගෙවත්තේ සැඟව සිටි වන අලියකු එම කාන්තාවට මෙලෙස පහරදී තිබේ.
තඹුත්තේගම, එප්පාවල, කටියාව වැනි ප්රදේශවල ජනතාව වන අලි ගැටලුවෙන් පීඩාවට පත්ව ඇති අතර පසුගිය දින කිහිපයේ පස් දෙනෙකු පමණ වන අලි ප්රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.