ගේම් ගහන්න ෆෝන් එක නොදුන්නැයි සිසුවෙක් ගෙළ වැලලාගෙන මරුට

ගේම් ගහන්න ෆෝන් එක නොදුන්නැයි සිසුවෙක් ගෙළ වැලලාගෙන මරුට

යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබේ.

මේ දරුවා වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වි සිටි බව පෙනෙන දරුවෙක් බවත්, මෙම සිද්ධියට අදාල ආසන්නම හේතුව දරුවාගේ පියා දරුවාට වීඩියෝ ක්‍රීඩා කිරීම සඳහා ජංගම දුරකතනයක් ලබා නොදීම නිසා ඇතිවූ ගැටුමක් බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බව අලවෙඩ්ඩි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පෙරියවිලාන් අන්තෝනී පල්ලිය පාරේ පදිංචි මර්වින් ඩයස් සින්ධුජන් නැමති පාසල් ශිෂ්‍යයෙකි.

මියගිය සිසුවා යාපනයේ අලවෙඩ්ඩි අරුණෝදය පාසලේ හත්වන වසරේ ඉගෙණුම ලබන සිසුවෙකි.

ඔහු කාලයක සිට පියාගෙන් ජංගම දුරකතනයක් ඉල්ලා ඇත්තේ වීඩියෝ ගේම් සදහා භාවිත කිරීමටය.

පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ සිද්ධියක් මත පාසල් සිසුවා නිවසේ රණ්ඩු කොට එදින කිසිවෙකු නිවසේ නොමැති අවස්ථාවක සියදිවි හානි කරගෙන තිබේ.

අසල්වාසීන් නිවස ඉදිරි පිටින් යන විට සිද්ධිය දැක වහාම ලණුව කපා පාසල් ශිෂ්‍යයා තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන වුටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

අලවෙඩ්ඩි පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.