එඬේරමුල්ල දුම්රිය අනතුරින් මියගිය සැමියාගේ වියෝව දරාගත නොහැකිව බිරිඳ ජීවිතක්ෂයට

එඬේරමුල්ල දුම්රිය අනතුරින් මියගිය සැමියාගේ වියෝව දරාගත නොහැකිව බිරිඳ ජීවිතක්ෂයට

පසුගිය 8 වනදා එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ මාරක දුම්රිය අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට වුණි.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කැලණියේ පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ පදිංචි කැළුම් තුෂාර සිල්වා මහතාගේ හදිසි වියෝවෙන් දැඩි ලෙස කම්පනයට ලක්ව සිටි ඔහුගේ බිරිද රසෝමා හසන්ති කබ්‍රාල් මහත්මිය හදිසියේම ඇතිවූ හර්ද්‍යාබාධයකින් කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබේ.

සැමියාගේ දේහය පිලිබදව අවසන් කටයුතු සිදු කිරීමටද පෙර ඊයේ දහවල් පපුව රිදෙන බව පැවසූ බැවින් කඩිනමින් ඇයව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇති අතර පසුව ඇයද ජීවිතක්ෂයට පත්ව තිබේ.

Share This