විහිළුව වැරදී තරුණියක් ගෙල සිරවී ජීවිතක්ෂයට

විහිළුව වැරදී තරුණියක් ගෙල සිරවී ජීවිතක්ෂයට

පිටරටක සිටින තම සැමියා හා විඩියෝ ඇමතුමකින් කතා කරමින් විහිළුවට එල්ලී මැරෙන්න ගිය බිරිදක් ගෙල සිරවි මිය ගිය ශෝචනිය පුවතක් මුල්ලේරියාව පොලිසියෙන් වාර්තාවේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ ගොඩැල්ල මාවතේ පදිංචිව සිටි අනුත්තරා සිරිමාන්න නැමති 28 හැවිරිදි කාන්තාවකිි .

අනුත්තරා විවාහ වි ඇත්තේ මිට වසර තුනකට ඉහතදිය.ඇයගේ සැමියා විදෙස් ගතව රැකියාවක නිරතව සිටින අතර ඇය තම මහ ගෙදර පදිංචිව සිටින අතරේ සැමයාගේද උදව් උපකාර ඇතිව එම නිවස පිටුපස අලංකාර නිවසක් ද ඉදි කරගෙන තිබේ.

එම නව නිවසේ ගෙවැදිමට නියමිතව තිිබි ඇත්තේ මෙම 19 වැනිදාය.එම අවස්ථාව සදහා සැමියා ද පැමිණිමට නියමිතව තිබි ඇත.

මේ අතරේ පසුගිය සෙනසුරාදා බිරිද තම කාමරයේ ඇදක් මත පුටුවක් තබා ඒ මතට නැග ලණුවකින් වහලයේ එල්ලන ලද තොණ්ඩුවක් ගෙලට දාගෙන තම සැමියාට දර්ශනය වන අයුරින් පසුබිමෙන් දුරකතනයේ විඩියෝ ක්‍රියාත්මක කර බොරු රඟපෑමක් සිදු කිරිමට තැත් කර ඇති බව පොලිසියට ලැබී ඇති තොරතුරු වලින් හෙළි වි තිබේ.

එම අවස්ථාවේ වහා ඇයගේ සැමියා නිවසේ සිටින ඥාතීන් හට දුරකතන ඇමතුම් ලබා ගනිමින් මෙම සිදුවිම වළක්වා ගැනිමට පියවර ගෙන තිබේ.

එහෙත් ඇය ඒ වන විට ද පුටුව පෙරළි යාමෙන් ගෙල සිරවි අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දියණියන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන අනුත්තරා හිඹුටාන ප්‍රදේශයේ ළදරු පාසලක ගුරුවරියක ලෙස සේවය කරමින් සිට ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට (08) සවස උඩුමුල්ල සුසාන භුමියේදි සිදු කිරිමට නියමිතය.