පාපන්දු තරඟයක් අතරතුර ඇතිවූ ගැටුමකින් 100ක් මරුට

පාපන්දු තරඟයක් අතරතුර ඇතිවූ ගැටුමකින් 100ක් මරුට

ගිනියාවේ දෙවන විශාලතම නගරය වන ඇන්සරිකෝ හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ ගැටුම හටගත්තේ කුමන හේතුවක් මතද යන්න අනාවරණයවී නොමැති බවයි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇන්සරිකෝ හි රෝහල්වල මෘත ශරීරාගාරය එම මෘත ශරීර වලින් පිරී ඇති බවයි.

ගැටුමෙන් අනතුරුව ක්‍රීඩාංගණයේ මෙන්ම එහි පිටත වීදියේද පුද්ගලයින් මියගොස් සිටි බව පැවසේ.

මම ගැටුමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, එම සංඛ්‍යාව ගණන් බලා නැහැ.

පාපන්දු තරගයේ විනිසුරුගේ තීරණයකින් පසු රසිකයින් පිටිය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම ගැටුම ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම තරගය 2021 වසරේ දී කුමන්ත්‍රණයකින් බලය අල්ලාගෙන ජනාධිපති ලෙස පත් කර ගත් ගිනියාවේ ජුන්ටා නායක මාමාඩි ඩොම්බුයා වෙනුවෙන් සංවිධානය කළ තරගයක් බවයි.