ප්‍රභල ඉන්දීය දේශපාලඥයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ප්‍රභල ඉන්දීය දේශපාලඥයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ඉන්දීය දේශපාලඥයෙක් වන බාබා සිද්දික් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මුම්බායි හිදී ඔහුව මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

66 හැවිරිදි බාබා සිද්දික් ඔහුගේ පුත්‍රයාගේ කාර්යාලය අසලදී තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු ප්‍රාදේශීය අමාත්‍යවරයකු වූ සිද්දික්, ලබන මාසයේදී ව්‍යවස්ථාදායක මැතිවරණය පැවැත්වීමට නියමිත මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්.

පෙබරවාරියේදී ඔහු ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කොන්ග්‍රසයෙන් ඉවත් වූ අතර භාරතීය ජනතා පක්ෂයේ පාලන සභාගයේ කොටසක් වන සම්බන්ධයක් නැති ප්‍රාදේශීය ජාතික කොන්ග්‍රස් පක්ෂයට (NCP) සම්බන්ධ විය.

ප්‍රාන්ත රජය පරීක්ෂණයක් කිරීමට පොරොන්දු වී ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත් ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නහැ.

තුන්වැනි සැකකරු සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර ඔවුන් කුප්‍රකට අපරාධකරුවෙකු වන ලෝරන්ස් බිෂ්නෝයි විසින් මෙහෙයවන ලද කල්ලියක බව සැකකරුවන් පවසා ඇති බව ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.