ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ හමාස් නායකයා ඇතුළු සිව්දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ හමාස් නායකයා ඇතුළු සිව්දෙනෙකු මරුට

ඊශ්‍රායලය අද (30) සිදුකළ ප්‍රහාරයකින් පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනනයේ නායකයා මරණයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර තිබෙනවා.

මේ අතර තවත් පලස්තීන සන්නද්ධ කණ්ඩායමක නායකයින් තිදෙනෙක් ද ලෙබනනයේ බේරූට් නගරයට එල්ලකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හමාස් සංවිධානය පවසා ඇත්තේ, ඔවුන්ගේ ලෙබනන නායකයා වන ෆාටේ ෂෙරිෆ් අබු එල් අමීන් ඔහුගේ බිරිඳ, පුතා සහ දියණිය එහිදී මියගොස් ඇති බවයි.

ඔවුන් වාසය කර තිබුණේ, ලෙබනනයේ ටය නම් නගරයේ පිහිටා තිබූ පලස්තීන සරණාගත කඳවුරක ස්ථාපනය කර තිබූ නිවසක යි.

එම ප්‍රහාරය අද උදෑසන එල්ලකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර, යේමනයේ හූති ඉලක්ක වෙත ද ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් සිව් දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.