බොක්කුවක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

බොක්කුවක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

හැටන් කොටගල රොසිටා නගරයේ බොක්කුවක් මත නාදුනන පුද්ගල මලසිරුරක් තිබි (02) දින සොයාගත් බව දිඹුල පතන පොලිසිය පවසයි.

කොටගල නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බොක්කුවක් තුළ අවු 70 ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට කොටගල ප්‍රදේශවාසින් දිඹුල පතන පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු සිරුර සොයාගෙන ඇත.

කොටගල නගරය හරහා ගමන් කල පුද්ගලයෙකු අනාරක්ෂිත බොක්තුව තුළට වැටී මිය යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගෙන් ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව දිඹුල පතන පොලිසිය පැවසිය.

 

 

Share This