විදුලි සැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ගලෙන්බිඳුණුවැව, උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක පාසල් සිසුවෙකි.

මෙම සිසුවා සිය නිවස පසුපස වතුර කරාමයකින් දිය නාමින් සිටින අතර තුර ජලය අවසන් වු පසු නිවසේ සවිකර තිබූ විදුලි මෝටරය ක්‍රියාත්මක කර තිබේ.

ඔහුගේ ඇඳුම් ඒ අසල තිබූ විදුලි රැහැනකට දමා තිබෙන අතර ,දිය නෑමෙන් ඇඳුම් ලබාගන්නා අවස්ථාවේදී විදුලි රැහැන කැඩී , ඇඟේ එතීමෙන් , මෙලෙස මෙම සිසුවාට විදුලිය වැදී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.