මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් ජීවිතක්ෂයට

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් ජීවිතක්ෂයට

විෂ සහිත මොරල්ලෙකු ගෙලට ඇනීමෙන් යාපනය ගුරුනර්හි ධීවරයෙකු ඊයේ (02) දින මියගොස් තිබෙනවා.

විෂ මොරල්ලගේ තුඩුවේ ප්‍රහාරයෙන් එම ධීවරයාගේ ගෙල සිදුරුවී ඇති අතර ඔහූ සමඟ ගිය සෙසු ධීවරයින් තුවාල ලැබූ ධීවරයා ගොඩ බිමට රැගෙනවිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් පමණ වන ගුරු නගර් 05 වන පටුමගේ පදිංචි මයිකල් කොලින් ඩිනෝ නමැති දෙදරු පියෙකි.

ධීවරයින් පවසන්නේ මෙම විෂ සහිත මොරල්ලා ධීවරයින් මුහුදු ජලයට ආසන්නයේ සිටින විට එක්වරම උඩට පැන ප්‍රහාර එල්ල කරන බවයි.

මුහුදේ සිටින ජෙලිෆිෂ් මත්ස්‍යයින්ට වඩා වැඩි විෂක් මෙම මොරල්ලන් විශේෂයේ ඇති බවත් එම මත්ස්‍ය ප්‍රහාරයට ගොදුරු වන්නන්ගේ ජීවිත බේරෙන්නේ ඉතා කලාතුරකින් බවත් ඔවුන් පවසයි.

මියගිය ධීවරයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

Share This