ඌරෙකු පහර දීමෙන් වයෝවෘධ කාන්තාවක් ජීවිතක්ෂයට

ඌරෙකු පහර දීමෙන් වයෝවෘධ කාන්තාවක් ජීවිතක්ෂයට

ඌරකු සිදු කළ පහර දීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් පොලිසිය සදහන් කරයි .

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය නෙදුන්තිව් 15 වන වසාමේ පදිංචි වයස අවුරුදු 80 ක් පමණ වන නාගමුත්තු ලාක්ෂ්මි නමැති කාන්තාවකි.

මෙම කාන්තාව පෙරේදා (23) සවස නිවසේ ගෙමිදුලට වී සිටින අවස්ථාවේ අසල නිවසක මස් පිනිස ඇති කළ ඌරෙකු පැමිණ පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී ඇයගේ පපු ප්‍රදේශයට බරාපතල තුවාල සිදුව තිබේ.

ඌරා පහරදීමෙන් අනතුරුව තුවාල ලැබූ එම කාන්තාව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටිය දී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.