අකුණු සැර වැදී ගවයන් 4ක් මරුට

අකුණු සැර වැදී ගවයන් 4ක් මරුට

නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (13) දින පස්වරුවේ ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමග අකුණු සැර වැදීමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු ජිවිතක්ෂයට පත් ව ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

නාවලපිටිය පොලිස් වසමට අයත් දොළොස්භාග පාරේ ගලමුදුන වතුයායේ තෘණ කැම සඳහා ගැට ගසා සිටි ගවයන් සිව්දෙනෙකුට ඊයේ (13) දින පස්වරු පහට පමණ අකුණු සැර වැදිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

අකුණු සැර පතිත වි ඇති ස්ථානායේ විශාල වලක් ද හැරි ඇති බවත්, මියගිය සතුන්ගේ වටිනාකම ලක්ෂ අටක් වන බවත් ගොවිපොල හිමිකරු කියා සිටියා.

අකුණු සැර පතිත විවෘත භුමි වල හෝ විශාල රුස්ස ගස්යට රැදි නොසිටින ලෙස අපාදා කළමණාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Share This