වල් අලි ප්‍රහාරයකින් සේරැවිල එජාප සංවිධායක මරුට

වල් අලි ප්‍රහාරයකින් සේරැවිල එජාප සංවිධායක මරුට

එක්සත් ජාතික පක්ෂයේ සේරැවිල ආසනයේ සම සංවිධායක ආර්.එම්. සාලිය රත්නායක මහතාට මොරවැව, නාමල්වත්ත පාරේ නිවස අසලදී එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය පවසයි.

තම ගෙවත්ත අසලට පැමිණි අලියා අසල්වැසියකු සමග එළවාගෙන යමින් සිටියදී ඉදිරියට ගොස් ආපසු හැරුනු අලියා මෙම පහරදීම සිදුකළ බව මියගිය අය සමග අලියා එළවීමට ගිය අසල්වැසියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

බරපතල තුවාල ලැබූ සාලිය රත්නායක මහතා මහදිවුල් වැව ප්‍රාථමික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දීත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබුණි.