වෙඩි ප්‍රහාරයකින් තරුණයෙක් ජීවිතක්ෂයට

වෙඩි ප්‍රහාරයකින් තරුණයෙක් ජීවිතක්ෂයට

Update – ඕමන්ත පාලමොටේ ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගොස් සිටි තරුණයාගේ මරණයට සිය දිවි නසා ගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ අලුයම හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලැබුණු තොරතුරකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණු බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඕමන්ත වෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

ඔහු මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් ගෙළ ප්‍රදේශයට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවටයි විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.


වවුනියාව, පාලමොටෙයි ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ගෙවතු වගා කරමින් සිටි 21 හැවිරිදි ඕමන්ත, වෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචි සට්කුනරාසා දිසාන්ත් නමැති තරුණයෙකුගේ මළසිරුරක් එලෙස සොයාගත් බව පොලීසිය පැවසීය.

තරුණයා ගෙවතු වගා කරමින් සිටි ස්ථානයේ සිට මීටර් 100ක් පමණ දුරින් මළසිරුර හමුවී ඇති අතර, තරුණයාගේ ශරීරයේ වෙඩි සලකුණක් පවතින බවද පොලිසිය සඳහන් කරයි.

තරුණයාගේ මරණය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගෙන නොමැති අතර, මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ මෘත තැන්පත් කොට ඇති බව පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Share This