බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

බඹරු ඇනීමෙන් යාපනය ප්‍රදේශයේ කාන්තාවක් ‍මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.

බඹරු ඇනීමෙන් පසු අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා තෙල්ලිප්පලේ රෝහලට ඇතුලත් කොට ඇතත් එහිදී ඇය මියගොස් ඇතැයි පොලීසිය කියයි.

සෙට්ටිකුරුච්චි, පණ්ඩතරිප්පුහි පදිංචි ගුනසේකරම් වරදසිරෝමනි නමැති 67 හැවරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

කාන්තාව නිවස අසල වූ ඉඩමක තල් කොළ කඩමින් සිටියදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.