අධික උණුසුමෙන් පාකිස්ථානයේ පුද්ගලයින් 500කට අධික පිරිසක් මරුට

අධික උණුසුමෙන් පාකිස්ථානයේ පුද්ගලයින් 500කට අධික පිරිසක් මරුට

අධික උණුසුම හේතුවෙන් ගත වූ දින 06 ක කාලය තුළ පාකිස්ථානයේ පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ හේතුවෙන් දිනකට පුද්ගලයන් 30 – 40ත් අතර ප්‍රමාණයක් මිය යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් දිනවල එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 සහ 50 දක්වා ඉහළ යන බව පැවසේ.

මිය ගිය බොහෝ පිරිසක් අවුරුදු 60-70 අතර හෝ අවුරුදු 70 ඉහළ පුද්ගලයින් බවට වාර්තා වනවා.

පසුගිය දින 6ක කාලය තුළදී පමණක් එඩී ගිලන් රථ සේවය මළ සිරුරු 568 ක් කරච්චි මෘත ශරීරාගාරය වෙත ප්‍රවාහනය කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය අඟහරුවාදා දින පමණක් මළ සිරුරු 141 ක් එම ගිලන් රථ සේවය කරච්චි මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති බව පැවසේ.

පාකිස්ථාන මාධ්‍ය වාර්තා සදහන් කළේ එළිමහනේ රැකියා කරන පුද්ගලයින් මෙලෙස මිය ගොස් ඇති බවයි.

පාකිස්තානයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇතැයි විශ්වාස කරන නමුත් මරණ වලට නිශ්චිත හේතුව නිල වශයෙන් ප්‍රකාශ කළ හැක්කේ මරණ පරීක්ෂණ වලින් පසුව බව එරට මාධ්‍ය පවසයි..

Share This