ළිඳකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

ළිඳකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

මැදගම, මෑගල්ලගම ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු නිවස අසල ඇති ළිඳට වැටී මියගොස් තිබෙනවා.

ඊයේ (01) සවස් කාලයේදී එම අනතුර සිදුවී ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ, මල්ගස්තලාව, මෑගල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 01 මාස 02 ක් වූ කුඩා දරුවෙක්.

මියගිය දරුවා මව සමඟ නිවසේ සිටියදී මවට නින්ද ගිය අවස්ථාවකදී මෙම දරුවා නිවස ඉදිරිපිට අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මැදගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.