ජනාධිපතිවරණ අපේක්ෂකයකු අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපතිවරණ අපේක්ෂකයකු අභාවප්‍රාප්ත වෙයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මියයන විට 78 වැනි වියේ පසු විය.

චන්ද්‍රිකා බණ්ඩාරණායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ.

මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු මන්ත්‍රීවරයා ඊයේ (22) රාත්‍රියේ හෘදයාබාධයකින් මියගිය බවයි පුත්තලම රෝහල් පොලිසිය සඳහන් කළේ.