අභිරහස් ලෙස මියගිය අඹුසැමි යුවළගේ සිරුරු නිවසකින් හමුවෙයි

අභිරහස් ලෙස මියගිය අඹුසැමි යුවළගේ සිරුරු නිවසකින් හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරු බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලස සොයාගෙන ඇත්තේ අවුරුදු 39 සහ 37 යන වයස්වල පසු වූ අඹුසැමි යුවළකගේ මළ සිරුරු බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වනදා සිට තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ දැකීමට නොසිටි බවත්, ඒ අනුව නිවස විවෘත කර බැලීමේ දී ඔවුන් ඇද මත මියගොස් සිටි බවත් විජේකුමාර්ගේ සොහොයුරා පොලීසියට පවසා තිබේ.

මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂක නිලධාරින් විසින් නිවස තුළ දී වස බොතල් තුනක් සොයාගෙන ඇති අතර, වස පානය කර ඔවුන් සියදිවි හානි කර ගන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුරු පශ්චාත් මරණ පරික්ෂානය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා