
ආච්චිගේ බෙහෙත් බිව්ව සිඟිත්තා ජීවිතක්ෂයට
මාන්කුලම් පොලිස් වසමේ කට්කුවාරි ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු ඖෂධ පෙති වර්ගයක් පානය කිරීමෙන් අසනීප වී කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මියගිය දරුවා වයස අවුරුදු 01 ½ ක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම දරුවා නිවසේ තිබූ දරුවාගේ පියාගේ මව (දරුවාගේ මිත්තණිය) අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමාපියන්ට භාර දී ඇති අතර මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.