හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 97 කි.දරුවන් තිදෙනකුගේ පියකු වන ඒ මහතා මල්කාන්ති ගුණසේකර මහත්මියගේ දයාබර සැමියාය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇමතිකම් තුනක් දැරූ අයෙකි.
දේහය මහජන ගෞරවය සඳහා හෙට ((13) දින තෙක් කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
අනතුරුව (14) වෙනි දින පොකුණු විට හේනෙගම අජන්තා නිවස වෙත රැගෙනවිත් (15) බදාදා සවස 3.30 ට පොකුණුවිට ජනසෙත කේන්ද්‍ර ක්‍රීඩාංගණයේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි ඥාතීන් පවසන්නේ.