රජයේ නිල නිවසක් පිටුපස මළ සිරුරක්

රජයේ නිල නිවසක් පිටුපස මළ සිරුරක්

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොලීසිය විසින් සොයාගෙන තිබේ.

දැනට දීර්ඝ කාලයක් වසා දමා තිබෙන එම නිල නිවස මේ වනවිට ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර එම නිවස පිටුපස ආලින්දය කොටසේ මළ සිරුර තිබී ඇති අතර එය මීට සතියකට පමණ ඉහතදී මියගිය අයකුගේ බවට පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර අද (11) අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එම ස්ථානයට කැඳවීමටද පොලිසිය පියවර ගෙන තිබුණි.