පරුෂ වචන කියූ සැමියාගේ කට බිරිඳ දොර රෙද්දෙන් වහන්න ගිහින් සැමියා මරුට

පරුෂ වචන කියූ සැමියාගේ කට බිරිඳ දොර රෙද්දෙන් වහන්න ගිහින් සැමියා මරුට

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගල්වල පාර, වල්පලගම, නොච්චියාගම ලිපිනයේ පදිංචිව සිටි මහගමගේ රොහාන් කුමාර නැමති 38 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ මරණකරුගේ බිරිඳ වන ගල්වල පාර, වල්පොල ගම නොචිචියාගම ලිපිනයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.

මරණකරු විසින් අලුත්වැඩියා කෙරෙමින් තිබෙන තම නිවසට අවශ්‍ය දැව සොයා ගැනීම සඳහා නිවසින් පිටව ගොස් සවස 6.30ට පමණ මත්පැන් පානය කර යළි නිවසට පැමිණ අසල්වැසියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බව අත්අඩංගුවට ගත් බිරිඳ කල ප්‍රකාශවල සටහන් වෙයි .

සිය සැමියා බීමත්ව අසල්වැසියන්ට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේදී සැකකාර බිරිඳ එය පාලනය කිරීම සඳහා මරණකරුගේ අත් වලින් කට වැසූ අවස්ථාවේදී මරණකරු බිරිඳට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරුව සැකකාරිය සිය සැමියාගේ කෑ ගසන ශබ්දය පාලනය කිරීම සඳහා දොරට දමා තිබූ රෙද්දක් ගෙන ඔහුගේ කට වැසීමට උත්සාහ කල අවස්ථාවේදී, එම දොර රෙද්ද ගෙලේ සිර වීම හේතුවෙන් මරණකරු සිහිසුන්ව බිම ඇද වැටී ඇති තිබෙන බව පොලිසිය කියයි.