සැමියාගේ පොලු පහරින් බිරිඳ මරුට

සැමියාගේ පොලු පහරින් බිරිඳ මරුට

ඊයේ (26) පස්වරුවේ හබරණ, පලුගස්වැව ප්‍රදේශයේදී ස්වාමිපුරුෂයා විසින් පොල්ලකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය පැවසුවේ, පහරදීමෙන් පසු ඇයව හබරණ රෝහලට ඇතුලත් කිරීමේදී මෙසේ මියගොස් ඇති බවයි.

මියගිය කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාම මත ඝාතනය සිදුකර ඇති බව පොලීසිය දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 66ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හබරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.