උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 ක් මරුට

උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 ක් මරුට

උගන්ඩාවේ, කම්පාලා අගනුවර කසළ කන්දක් නායයෑමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී, කසළ කන්දට යටවූ තවත් 14 දෙනෙකු බේරාගැනීමට හැකිවූ බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

වසර ගණනක් පැරණි එම කසළ කන්ද අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑමට ලක්ව ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි නිවාස ඊට යට වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.