බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී දැරියක් මරුට
බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
ඊයේ (10) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ, බොරැල්ල සර්පනටයින් පාර පදිංචිකාරියකි.
බිමට වැටී බරපතල තත්ත්වයෙන් සිටි දැරිය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසියට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.
මියගිය දැරිය කලක සිට මානසික ආතතියකින් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව ප්‍රකාශ ලබා දී ඇති බවත් පොලිසිය පවසයි.