චීවරධාරියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

චීවරධාරියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ගිරිඋල්ල – කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇත.

තුවාල සහිත පුද්ගලයෙකු නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයක දී තුවාලකරු සොයාගෙන ඇති අතර පසුව ඔහුව දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්‍රථිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

එලෙස පහරදීමට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකාර චීවරධාරියා මරණකරුගේ ළඟම ඥාතියෙකු ද වන බවයි, වාර්තා වන්නේ.

චීවරධාරියා විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ වැඩවසන බවත්, අධික මත්පැන් පානය සඳහා ද ඇබ්බැහි වී සිටින බවටත් අනාවරණය වී තිබේ.

සැකකාර චීවරධාරියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This