ඩුබායි හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් දිවයිනට

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් දිවයිනට

මෙරට තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනාගෙන් මේ වනවිට පොලිසිය ප්‍රකාශ සටහන් කරගනිමින් සිටී.

මෙලෙස කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන එනු ලැබුවේ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති දිමුතු චතුරංග පෙරේරා හෙවත් සමිට්පුර චතූ සහ දිනේෂ් ශාමන්ත ද සිල්වා හෙවත් බබී නැමැත්තායි.

මොවුන් පසුගිය පෙබරවාරි මාසයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මන්නා රමේෂ් නැමැත්තාගේ සාදයකට එක්ව සිටියදී ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද දිවයිනට රැගෙන ආ සැකකරුවන් දෙදෙනාට රතු වරෙන්තු ද නිකුත් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිත අතර කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නැමැත්තා කොළඹ, නාරාහේන්පිට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිත බව වාර්තා වේ.