දයාසිරිට වාරණයක්

දයාසිරිට වාරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා විසිනුයි අද (05) එම වාරණ නියෝගය නිකුත් කළේ.

දයාසිරි ජයසේකර මහතා විත්තිකරු කරමින් වේලු කුමාර මහතා විසින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

සමගි ජන බලවේගය අකුරැස්සේ සංවිධානය කළ මහජන රැළියකදී දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පාදක කර ගනිමින් මෙම නඩුව පවරා තිබූ අතර අදාළ අසත්‍ය හා දේවේශ සහගත ප්‍රකාශයෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසද පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ ප්‍රකාශය තවදුරටත් දයාසිරි ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ හෝ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වලක්වාලමින් වාරණ නියෝග නිකුත් කළ අතර ජයසේකර මහතාට අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කරමින් ලබන 19 වෙනි දින අධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කළේය.