දයාසිරිට විනය පරීක්ෂණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේය.