ඩයනාට එරෙහිව ගොනුකළ පෙත්සමක් නිශ්ප්‍රභ කරයි

ඩයනාට එරෙහිව ගොනුකළ පෙත්සමක් නිශ්ප්‍රභ කරයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීන්දු කළේය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුන්ගේ එකඟත්වය මත නිෂ්ප්‍රභ කිරීමටයි තීන්දු කෙරිණි.

වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.