“ගජ මිතුරු දේශපාලනය නෑ කිව්වාට සරසවි ගජ මිතුරන් ලේකම්වරු කරලා”

“ගජ මිතුරු දේශපාලනය නෑ කිව්වාට සරසවි ගජ මිතුරන් ලේකම්වරු කරලා”

මේ ආණ්ඩුවේ ගජ මිතුරු දේශපාලනය නෑ කිව්වාට කැලණිය සරසවියේ, ජපුර සරසවියේ මිතුරන් ලේකම්වරු බවට පත්කර තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික බලවේග වලට නොයා මැද මාවතේ ගමන් කිරීම නිසා මා සමගි ජන බලවේගය සමඟ එකතු වුණා.

දැඩි විනයක් කැපවීමක් සමග කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට රට අනිත් පැත්තට හරවන්න පුළුවන් බව ඔබතුමන්ලා ඔප්පු කර තිබෙනවා.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය අවසන් වී තිබෙනවා. අලුත් නායකයන්ට ඉඩ නොදීම නිසා ඒ පක්ෂ විනාශ වී දිය වී තිබෙනවා.

ඔබලාගේ ජනවරම හරියට ක්‍රියාත්මක කරනවා නම් අපේ සහයත් ලබා දෙන්න සූදානම්.

දැනට ජනාධිපතිවරුන් ගන්න දීමනා අතීතයට බලපාන පරිදි අහෝසි කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාවක් නෑ” යනුවෙන්ද ජයසේකර මහතා පැවසීය.