දස හැවිරිදි දියණිය දූෂණය කළ නරුම පියා අත්අඩංගුවට

දස හැවිරිදි දියණිය දූෂණය කළ නරුම පියා අත්අඩංගුවට

දස හැවිරිදි දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ පියා ඊයේ (22) රාත්‍රියේ පස්සර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, වැල්ගොල්ල, පස්සර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දින කිහිපයක සිට අදාළ දැරියගේ හැසිරීම් රටාවේ වෙනසක් දැක ඇති දැරියගේ මව ඒ පිලිබඳ ඇයගෙන් විමසීමේ දී පසුගිය 19 වන දින මව කුඹුරේ වැඩට ගිය අවස්ථාවේ දී පියා විසින් තමාට සිදුකළ අතවරය පිළිබඳව දැරිය මවට පවසා තිබේ.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් මව විසින් පස්සර පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.

පසුව දැරිය පස්සර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු පස්සර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.