පාසල් දැරියක් දුෂණය කල සැකකරුවෙකු අත්අඩංගුවට

පාසල් දැරියක් දුෂණය කල සැකකරුවෙකු අත්අඩංගුවට

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීට පෙර 09 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කර ප්‍රදේශයෙන් පලාගොස් වසර 10 ක පමණ කාලයක් මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වලාගෙන සැගව සිටියදී නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මාස 05ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටි සැකකරුවෙකු බවයි, නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා කියා සිටියේ.

සැකකරු ඊයේ උදැසන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පොලිසිය වෙත අත්සන් කිරිමට පැමිණ පසුව ඔහුගේ ඇපයට අත්සන් කල ඔහුගේ සොහොයුරිකගේ නිවසට ගොස් සොහොයුරියගේ දියණිය දුෂණය කර ප්‍රදේශයෙන් පලාගොස් සිටියදී පොලිසිය වෙත දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ල මත මාර්ග බාධක යොදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දුෂණයට ලක්වූවේ යැයි කියන පාසල් සිසුවිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත්, සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරි උපදෙස් පරිදි නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති අධික්ෂණය යටතේ නෝටන්බ්‍රිජ් පොලිසියේ කාන්තා කාර්යංශයේ ප්‍රධාන නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම සිදු කර ඇත.

Share This