රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා එවයි

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා එවයි

ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට ඊයේ (20) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සමාජ ක්‍රියාකාරිකයෙකු වන ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නොහොත් ‘ඩෑන් ප්‍රියසාද්’ නැමැත්තා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා එවා තිබෙනවා.

ඊයේ (20) රාත්‍රි 08.35ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 653 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහු පැමිණ තිබුණා.

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් හේතුවෙන් ඔහුව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා ඒවා ඇති බවයි වාර්තා වන්නේ.

2022 මැයි 09 දින කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස ඩෑන් ප්‍රියසාද් නම් කර සිටිනවා