ධම්මික පෙරේරා නැවතත් හේලීස් සම සභාපති ලෙස පත්කෙරේ

ධම්මික පෙරේරා නැවතත් හේලීස් සම සභාපති ලෙස පත්කෙරේ

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ.

ඒ අනුව, ඒ මහතාගේ පත්වීම අද (01) දින සිට බලාත්මක වෙයි.

මීට පෙර ද හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා 2022 ජූනි 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරුවලින් ඉවත් විය.

COMMENTS