දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකාවට

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකාවට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants සමාගම විසින් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ, අනුව එම කණ්ඩායමේ නම ද ‘දඹුල්ල සික්සස්’ ලෙසින් වෙනස්කර ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වූ තමීම් රහ්මාන් විසින් මීට පෙර දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවා ලෙස කටයුතු කරනු ලැබුවා.

තරග පාවාදීම් සඳහා යෝජනා කිරීමේ චෝදනාවක් මත තමීම් රහ්මාන් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත අතර, ඉන් අනතුරුව දඹුල්ල කණ්ඩායමේ ඔහුගේ හිමිකාරිත්වය ඉවත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු කළේ.

තමීම් රහ්මාන්ගේ හිමිකාරිත්වය යත්තේ මෙවර LPL තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කිරිමට නියමිතව තිබුණේ ‘දඹුල්ල තන්ඩර්ස්, ලෙසයි.

Share This