සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක්

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට ගොස් මහා නා හිමිවරුන්‍ ප්‍රමුඛ කාරක මහා සංඝ සභා බැහැදක විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳ වු ඉල්ලීම සිදු කළේය.

ඊට මහනාහිමිවරුන්ගේ විරුද්ධත්වයක් පළ නොවූ අතර මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ දියවඩන නිලමේවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙලෙස දළඳා ප්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ වසර 16කට පසුවයි