එකම දිනක රටවල් දෙකකදී අවසන් ගමන් යන මව සහ පුතු

එකම දිනක රටවල් දෙකකදී අවසන් ගමන් යන මව සහ පුතු

මාවැල්ල ප්‍රදේශයේ මවක් හා ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ඇගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වී දෙරටක සිට අද දින (15) අවසන් කටයුතු සිදුකිරීමට නියමිත වී තිබෙනවා.

කැලණිය, පෙතියගොඩ, මාවැල්ල පාරේ, අංක 349 නිවසේ පදිංචි කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සමාරම්භක මන්ත්‍රීවරයකු වූ ලක්ෂ්මන් සුනිල් විජේසිරි මහතාගේ පුතු මීට දිනකට පෙර අභාවප්‍රාප්ත වූයේ ඕස්ට්‍රේලියාවේදී රැකියාවක් කරන අතරතුරය.

හර්ෂණ ශ්‍රී මධුසංඛ පුතුගේ අවසන් කටයුතු අද (15දා) ප.ව. 12.00ට මෙල්බර්න් නුවරදී සිදුකිරීමට කටයුතු යොදා තිබියදී ඔහුගේ මවද හදිසියේ මෙලොවින් සමුගත්තාය.

ඩේසි වෛජයන්ති කෙලී නම් වූ මධුසංඛගේ මෑණියන් ද තම පුතුගේ අවසන් කටයුතු සිදු කරන අද දිනම ඇගේ අවසන් කටයුතු කැලණිය, පිලපිටිය ආදාහනගාරයේදී අද සවස 5.00ට සිදුකිරීමට නියමිතයි.

මෙලොවින් නික්ම යනවිට පුතුගේ වයස අවුරුදු 40කි. මව මියයන විට 68 වැනි වියේ පසුවූවාය.

තම බිරිඳගේ හා පුතුලෙග් වියෝවෙන්, සංවේගයට පත් ලක්ෂ්මන් සුනිල් විජේසිරි මහතා සමගි ජන බලවේගයේ පෙතියාගොඩ සංවිධායකවරයකු ද වේ.