දැදුරුඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ මවගේ සහ අනෙක් පුතුගේ සිරුරු සොයාගැනේ

දැදුරුඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ මවගේ සහ අනෙක් පුතුගේ සිරුරු සොයාගැනේ

කුරුණෑගල – බෝගමුව මහ මූකලන්යාය – පේරහේනවත්ත ප්‍රදේශයෙන් ඊයේ (25) දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මවගේ සහ අනෙක් දරුවාගේ මෘත ශරීර අද අලුයම සොයාගෙන තිබෙනවා.

දියේ ගිලී අතුරුදන්ව සිටි එක් දරුවෙකුගේ මළ සිරුර ඊයේ (25) රාත්‍රියේ 11ට පමණ සොයාගත් බවයි බෝගමුව පොලිසිය සඳහන් කළේ.

33 හැවිරිදි මවගේ සිරුර අද (26) අලුයම් කාලයේ සිදුකළ මෙහෙයුම්වල දී හමු වී තිබෙනවා.

මොවුන් දෙදෙනාගේ සිරුරු කුරුණෑගල මහ රෝහල වෙත යොමු කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

බෝගමුව, පෙරහේනවත්ත ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දින නෑමට ගිය මවක් සහ ඇයගේ 07 හැවිරිදි සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනා ඊයේ දහවල් දියේ ගිලී අතුරුදන් වී තිබුණා.

එලෙස දියේ ගිලීමෙන අතුරුදන් වූ එක් දරුවෙකුගේ සිරුර ඊයේ (25) පස්වරුවේ සොයාගැනීමට හැකියාව ලැබුණා