නීතිවිරෝධී දුම්වැටි තොගයක් රේගුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් රේගුවේදී අත්අඩංගුවට

රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂ හත්සිය හැට පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 461 නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ විදේශීය කාන්තාවක ඇතුළු ගුවන් මගීන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් 37 හැවිරිදි චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය කොළඹ නගරයේ සමාජ ශාලාවක සේවයෙහි නිරත කාන්තාවකි .

ඇය සිය ගමන් මලු තුළ සගවා ගෙන විදේශීය නිෂ්පාදිත දුම්වැටි 29,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 146 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

එසේම පානදුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු සහ මතුගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රියැදුරුවරයෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

ඔවුන් දෙදෙනා විසින් නීතිවිරෝධී ලෙස දුම්වැටි 39,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 195 ක් සිය ගමන් මලු තුළ සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .