කෝටි 6 ක උඳු තොගයක් රේගු භාරයට

කෝටි 6 ක උඳු තොගයක් රේගු භාරයට

මහනුවර ප්‍රදේශයේ පිහිටි ආයතනයක් ආනයන කළ බහාලුම් දෙකක් අද දින ශ්‍රී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් සැක පිට භාරයට ගෙන පරික්ෂා කිරීමේදී ඒ තුල තිබී නීති විරෝධිව ආනයන කිරීමට උත්සහ කළ උඳු තොගයක් සොයාගත් බවත් එම උදු තොගයේ වටිනාකම රුපියල් කෝටි 6 කට අධික බවත් ශ්‍රී ලංකා රේගුව පැවසීය.

සැකකාර ආයතනය මෙම බහාලුම් දෙකෙහි කඩල පරිප්පු කිලෝ 48,000 ක් අඩංගු බවට රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබුනත් එහි කඩල පරිප්පු අඩංගුව තිබී ඇත්තේ කිලෝ 9,000 ක් පමණක් වූ අතර ඉතිරි කිලෝ 39,000 උඳු අඩංගු බවට රේගු නිලධාරීන් විසින් සොයා බව කී රේගුව, මෙම උඳු තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් 62,400,000 ක් වන බව ගණන් බලා ඇති අතර එම උඳු තොගය රේගුවට හසුනොවී නිදහස් වූවා නම් ඉන් රජයට රුපියල් 7,800,000 ක් බදු ආදායම අහිමි වන බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණය පවත්වා භාණ්ඩ සියල්ල රාජසන්තක කර සැක කරුට වැඩිදුර දඩ නියම කිරීමට නියමිතය.

Share This