ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත අදායමක්
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වූ ආදායමක් වාර්තා කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එය එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායමයි.
රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533ක ආදායම් ඉලක්කය ආසන්නය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී ඇති බව සඳහන්ය.
රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදුකරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම මේ සඳහා බලපා ඇති බව ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේය.