ලංකා ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

ලංකා ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

බස් රථයක් ධාවනය කරන අතරතුර ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ලංගම රියදුරෙක් ඊයේ (24) දිනයේ ජීවිතක්ෂයට පත්වුණු අතර එම සිද්ධිය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ තීරණයක් ගෙන තිබේ.

ඒ වයස අවුරුදු 40 ට වැඩි සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කිරීමයි.

වෛද්‍ය වාර්තා ලබා ගැනීමේදී මාස හතරකට වරක් වෛද්‍ය වාර්තා ලබාගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.