
ලංගම ඩිපෝ 55ක් පාඩු ලබනවා – ප්‍රවාහන ඇමති
මෙරට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු ඩිපෝ 55 ක් පාඩු ලබන බව ප්‍රවාහන, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.
ඒ අනුව, පාඩු ලබන ඩිපෝවල කළමනාකරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීමට ඉදිරිපත් කෙරුණු තවත් යෝජනා දහයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය සතුව මේ වන විට බස් රථ 7,137ක් පවතින බවත් ඉන් ධාවනයේ යෙදෙන බස් රථ ඇත්තේ 5,182ක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා බස් රථ 1,955 ක් ධාවනයෙන් ඉවත් කර ඇති බව ද සඳහන් කළේය.
එමෙන්ම ලංගමය සතු මුළු සේවක සංඛ්‍යාව මේ වන විට 25,384ක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.