කොටස් වෙළඳ පොළෙන් ඉතිහාසගත වාර්තාවක්

කොටස් වෙළඳ පොළෙන් ඉතිහාසගත වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය.

එය මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය.

ඒ අනුව, එහි පිරිවැටුප බිලියන 4ක් වේ.

ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.