බොර තෙල් මිල පහළට

බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) පහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාද පහළ ගොස් තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බැරලයක මිල 3%කින් පමණ පහළ ගොස් තිබූ අතර එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම මිල වේ.

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවේ යැයි වෙළෙඳපොළ පාර්ශ්ව තුළ යම් චකිතයක් නිර්මාණය වෙමින් ඇති බව ද සඳහන්.