ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

වසර 10 කට පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ .

ඔවුන් අද පස්වරු 02.05 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මහතා තමන් මෙම තරගාවලිය හොදින් නිමා කළ බවත් , මුල් ටෙස්ට් තරග දෙකේදී තම කණ්ඩායමට සුළු අඩුපාඩු කීපයක් නිසා ජයග්‍රහණය අහිමි වී ගිය බවත් පැවසීය .

එසේම එළඹෙන නවසීලන්ත තරගාවලිය ඉතා හොදින් තම කණ්ඩායම තරග කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .