ක්‍රිකට් නඩුවට අද අධිකරණය දුන් නියෝගය

ක්‍රිකට් නඩුවට අද අධිකරණය දුන් නියෝගය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම යළි දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (05) කැඳවූ අවස්ථාවේ දී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් අවශ්‍ය බව දන්වා සිටියේය.

ඒ අනුව, නඩුව දෙසැම්බර් මස 13 වනදා දක්වා කල් තැබුණි.

එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නා බවත් නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

Share This